2016

ත්‍යාග ප්‍රදානය – 2016 [Prize Giving]

Posted on Updated on

මෙම වසරේ  ත්‍යාග ප්‍රදානෝත්සවය රාජකීය පණ්ඩිත පූජ්‍ය කිතලගම හේමසාර හිමි, පූජ්‍ය අමුනුමුල්ලේ ජිනරතන හිමි, පූජ්‍ය මහරගම අනෝම හිමි ඇතුලු සංඝරත්නයේද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා, සුනිල් ගලගම මහතා සහ හිටපු නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සුනිල් ගලගම මහතා බන්ධනාගාර ජීවිතය සහ එහි සිටින්නන් බූරුවන්, සිංහයන් සහ අලින් වැනි සතුන්ගේ ස්වරූපයෙන් බවත් විස්තර කරමින් ඉතා හරවත් දේශනයක්ද පැවැත්විය. සැරසිලි කටයුතු 12 ශ්‍රේණියේ සිසුන්ගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව සිදු විය. ආදි සිසුන්ගෙන් ද හොද සහයෝගයක් ලැබුණි.

කඨින පිංකම 2016 – Katina

Posted on Updated on

කඨින පිංකම වප් මස 29 වන සෙනසුරාදා පාන්දර පැවැත්විණ. පන්සල පාර ප්‍රදීප් මහතාගේ නිවසින් පෙරහැර ගමන් ආරම්භ කෙරුණි.

ප්‍රාදේශීය ශාසනාරක්ෂක තරඟ 2016

Posted on Updated on

ප්‍රාදේශීය ශාසනාරක්ෂක තරඟ වලින් ජය ලැබූ සිසු සිසුවියන්ට අපගේ සුභ පැතුම්. මහරගම ශාසනාරක්ෂක මණ්ඩලයේ පෙරමුණට ප්‍රථම ස්ථාන 8 ක් සහ මුළු ජයග්‍රහන 24 ක් සමග…

ප්‍රාථමික චාරිකාව 2016 primary trip

Posted on Updated on

2016 වසරේ ප්‍රාථමික චාරිකාව සැප්තැම්බර් 17 වන දින අත්තනගල්ල රජ මහා විහාරය , වාරණ රජමහා විහාරය , පිළිකුත්තුව රජ මහා විහාරය, බැරැන්ඩි කෝවිල සහ සීතාවක රාජධානිය නැරඹීමට යෙදුණි.

අ.පො.ස. උසස් පෙළ

Posted on

අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට අපගේ සුබ පැතුම්…

නිවේදනයයි…

Posted on Updated on

නවාංජනා ගුරු මෙනවියගේ පියාණන් අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබද අවසන් කටයුතු ජූලි මස 3 වන ඉරු දින සවස 3.00 ට ගොඩිගමුව (මහරගම ) පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

සදහම් ගී සරණිය 2016

Posted on Updated on

සදහම් ගී සරණිය පොසොන් පොහොය දින (ජුනි 19) විහාරස්ථ පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණ.

All Island win

Posted on Updated on

සමස්ථ ලන්කා දහම් දැනුම තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට පසිදු චම්මික නායකත්වය ලබා දුන් කණ්ඩායමට හැකි විය. ජයග්‍රහණයෙන් ලද මුදල ඔහු විසින් දහම් පාසලට ප්‍රධානය කරන ලදී.

All island win for Pasindu chammika and team.